පෙට්‍රල් අර්බුදය අද යථා තත්ත්වයට..?
මෙට්‍රික් ටොන් 40,000 ක පෙට්‍රල් තොගයක් රැගත් “නෙවෙස්කා ලේඩි” නෞකාව පෙරේදා (08) මෙරටට ළගා වූ අතර පෙට්‍රල් සැපයුම අද (10) දිනය තුළ යථා තත්වයට පත්වෙනු ඇති බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කර සිටියි. අදාළ නෞකාව මෙරටට පැමිණීමත් සමග ඊයේ (09) රාත්‍රියේ සිට ඉන්ධන බෙදාහැරීම ආරම්භ කර ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.