දුම්රියන් තුළ වෙළදාම තහනම් වෙයි..
මගීන් හට සිදුවන අපහසුතා සහ ආහාර ද්‍රව්‍යයන්ගේ අනාරක්ෂිත බව නිසා දුම්රිය තුළ සිදු කරනු ලබන වෙළඳාම් කටයුතු තහනම් කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් ප්‍රධාන දුම්රිය ස්ථානයන්හි හැර අනෙකුත් දුම්රිය ස්ථානවල වෙළඳාම් කිරීමට අවස්ථාවක් අදාළ වෙළදුන්ට හිමිවන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.