සත්‍යයේ පුවත් අඩහැරය….

මේ ආණ්ඩුව සුරා බද්දෙන් ජීවත් වන ආණ්ඩුවක්, මහජන අයිතීන් සුරැකීමේ පදනමෙන් චෝදනා..

 alt=බීර මිල පහළ දැමීමේ තීරණය හුදෙක් සංචාරක කර්මාන්තයේ දියුණුව උදෙසා පමණක් කළ දෙයක් විනා රටේ දියුණුව සදහා කළදෙයක් නොවන බව මහජන අයිතීන් සුරැකීමේ පදනම අවධාරණය කර සිටියි. අද (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ මහජන අයිතීන් සුරැකීමේ පදනමේ මාධ්‍ය අධ්‍යක්ෂ චිරන්ත අමරසිංහ මහතා විසිනි.

මේ වන විට 80% ක් පමණ මෙරට තරුණ තරුණයින් මත්පැන් භාවිතා කිරීමෙන් ඉවත් වෙමින් පවතින තත්ත්වයක් තුළ බීර මිල පහළ දැමීමේ තීරණයේ කිසිදු සාධාරණීකරණයක් නොමැති බැවින් මෙම තීරණයට දැඩි විරෝධය පළ කරන බවත් අමරසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අවධාරණව කර සිටියේ මෙවර අයවැය තුළින් ජනතාවට ලබා දී ඇති සහන ඒ ආකාරයෙන්ම හිමිවිය යුතු බවත් එසේ වුවහොත් ඉදිරියේදී කෑම පැකැට්ටුවක මිල රු 10/- කින් අඩු කිරීමට කටයුතු කරන බවයි. නීතිවිරෝධී කසිප්පු භාවිතය නැවැත්වීම සදහා බීර මිල අඩු කිරීමට 2018 අයවැයේදී යෝජනා වී ඇති බවත් පන්සල්, පල්ලි අසලද මත්ද්‍රව්‍ය අවන්හල් ඉදි කිරීමේ අවදානමක් පවතින බව ද අසේල සම්පත් මහතා තවදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති නිරුක්ෂ නන්දකුමාර මහතාද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට