සත්‍යයේ පුවත් අඩහැරය….

මංගලගේ අයවැය රටේ අවමංගල්‍යයි, ආර්ථිකය ලිබරල්කරණය කිරීමට දැඩි විරෝධය – අන්තර් සමාගම් සේවක සංගමය

 alt=යහපාලන ආණ්ඩුව විසින් 2018 වසර සදහා ඉදිරිපත් කරන ලද අයවැය, රටේ අවමංගල්‍ය ලෙස හැදින්විය හැකි අතර මෙම අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම තුළින් රාජ්‍ය සහ පුද්ගලික අංශයේ අවසන් කටයුතු සිදු කර පාංශුකූලය පවා දිය හැකි තත්ත්වයක් මතුව ඇති බව අන්තර් සමාගම් සේවක සංගමය පවසා අවධාරණය කර සිටියි. අද (15) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති මහින්ද සමරසිංහ මහතා විසිනි.

සිය අදහස් දක්වමින් ඒ මහතා තවදුරටත් අවධාරණය කර සිටියේ මෙරටට දැඩි විනාශයක් සිදුවූ, හිටපු ජනාධිපතිවරයෙකු වන ජේ.ආර් ජයවර්ධන මහතා විසින් මීට වසර 40 කට පමණ පෙර හදුන්වාදුන් විවෘත ආර්ථික සංකල්පය, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ලවා ඉදිරියටත් පවත්වාගෙන යාමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් සිටින ආකාරයක් පෙනී යන බවයි.

වැඩ කරන ජනතාවගේ පැය 08 ක වැඩමුරය ඉහළ දැමීම, කාන්තාවන් රාත්‍රී වැඩමුර සේවය සදහා යෙදවීම ආදී යෝජනා කිසිදු නිසි ක්‍රමවේදයක් අනුව සිදු කරන ලද යෝජනා නොවන බවත් මෙවැනි යෝජනා ක්‍රියාත්මක කිරීමට කිසිදු ලෙස ඉඩක් නොතබන බවත් මහින්ද සමරසිංහ මහතා තවදුරටත් පවසා සිටින ලදී.

ආර්ථිකය ලිබරල්කරණය කරන්නේ නම් තම සංගමය ඊට දැඩි විරෝධය පළකරන බවත් රටට අහිතකර යෝජනා ඉදිරිපත්ව ඇති මෙවර අයවැයට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මේ වන විට රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පුද්ගලික අංශයේ වෘත්තීය සමිති සමග සාකාච්ඡා කරමින් සිටින බවත් ඉදිරියේදී රට පුරා සම්මන්ත්‍රණ පවත්වමින් වත්මන් ආණ්ඩුවේ මෙම අත්තනෝමතික ක්‍රියාකලාපය පිළිබද රටේ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව ද සිය අදහස් දැක්වූ සමරසිංහ මහතා තවදුරටත් කරුණු ඉදිරිපත් කරමින් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට