සත්‍යයේ පුවත් අඩහැරය….

ආපදාවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් උපරිමය ඉටු කරන්න සූදානම් – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 alt=හදිසි ආපදා තත්ත්වයක් ඇති වී තිබෙන මේ මොහොතේ ජනතාවගේ ජීවිත රැකගැනීමට මෙන්ම පීඩාවට පත් වූවන්ගේ මානසික සහ සෞඛ්‍ය අවශ්‍යතා පවත්වාගෙන යාම සදහා සංගමයක් ලෙස හැකි උපරිමය ඉටු කිරීමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටින්නේ තම සංගමයේ හදිසි ආපදා කළමනාකරණ කමිටුව ඊයේ (30) දින රැස්වී විශේෂ සාකච්ඡාවක් පවත්වා මෙම ආපදා තත්ත්වයට මුහුණ දීම සදහා ක්‍රියාකාරී සැලැස්මක් ද සකස් කරන ලද බවයි. මේ සදහා අදාළ අමාත්‍යංශ සමග සම්බන්ධවී කටයුතු කිරීමට සංගමය බලාපොරොත්තු වන බවත් විපතට පත් ජනතාවගේ තොරතුරු ලබා ගැනීම සහ එම ජනතාවට උපකාර කළ හැකි ආයතන හෝ පුද්ගලයින්ගේ තොරතුරු ලබා දීම සදහා හදිසි ඇමතුම් අංක 0712151111 ට අමතන ලෙස ද මෙම නිවේදනයෙහි වැඩිදුරටත් සදහන්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට