සත්‍යයේ පුවත් අඩහැරය….

මහින්ද – විමල් මත ගැටුමක්…?

 alt=හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා අතර මතභේදයක් හටගෙන ඇතැයි වාර්තා වේ.පළාත් පාලන මැතිවරණයට අදාළ අපේක්‍ෂකයින් තෝරාගැනීමේ කි‍්‍රයාවලිය මුල්කර ගනිමින් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව සදහන්.විමල් වීරවංශ මන්තී‍්‍රවරයා, සෑම කොට්ඨාසය සඳහාම ඒකාබද්ධ විපක්‍ෂයේ අපේක්‍ෂකයින්ගෙන් සියයට 10 ක් තමන්ට ලබාදෙන ලෙසට කළ ඉල්ලීම, හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වය විසින් ප්‍රතික්ෂේප කර ඇත.මීට අමතරව රාජ්‍ය අමාත්‍ය ටී බී ඒකනායක මහතා විසින් තමන් දෙසැම්බර් මාසයේ දී ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානමක් ඇති බැවින් එතෙක් යාපහුව ප‍්‍රාදේශීය සභාවට අපේක්‍ෂකයින් තෝරා ගැනීම කල් දමන ලෙස කරන ලද ඉල්ලීම ද ඒකාබද්ධ විපක්ෂය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.මේ අතර දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන පරිදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා අතර දේශපාලන මට්ටමේ සාකච්ඡාවක් ද පවත්වා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට