සත්‍යයේ පුවත් අඩහැරය….

ව්‍යවස්ථා සංශෝධනයෙන් රට බෙදන්න කිසිදු ආකාරයකින් ඉඩ තබන්නේ නෑ – හිටපු එ.ජ.නි.ස පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර

 alt=නව ව්‍යවස්ථා සංශෝධනයක් හරහා රට බෙදීමට කටයුතු කරන්නේ නම් ඊට කිසිදු ආකාරයකින් ඉඩ නොතබන බව හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා අවධාරණය කර සිටියි. එළිය සංවිධානය විසින් අද (05) කොළඹ දී පවත්වන ලද මාධ්‍ය හමුවකදී සරත් වීරසේකර මහතා විසින් මෙම අදහස් පළ කරන ලදී.

සිය අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ දහස් සංඛ්‍යාත ද්‍රවිඩ ජනතාවක් විසින් මෙවර මහවිරු දිනය සමරන ලද බවත් ඔවුන්ගේ ඊළාම් සිහිනය තවමත් බොදවී නොමැති බව ඒ තුළින් ගම්‍ය වන බවයි.

ත්‍රිකුණාමලය අගනුවර කරගනිමින් ශ්‍රී ලංකාව තුළ වෙනත් රාජ්‍යයක් බිහිකිරීම දමිළ ඩයස්පෝරාවේ සහ අන්තවාදීන්ගේ මූලික අරමුණු බවට පත්ව ඇති අතර ඒ වෙනුවෙන් ඔවුන් ඉතා සැලසුම් සහගත ගමනක යෙදී දසිටින බවත් වීරසේකර මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී. රටට මෙන්ම ජාතියට ද අහිතකර ලෙස බලපාන සාවද්‍ය යෝජනා රැසක් මේ වන විට උතුරු පළාත් සභාය තුළ සම්මත කර ගෙන ඇතත් ආණ්ඩුව ඊට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන නිවට සහ නියාළු ප්‍රතිපත්තියක නියැළී සිටින බව ද වීරසේකර මහතා සිය අදහස් දක්වමින් තවදුරටත් පවසා සිටින ලදී. සිය අදහස් දක්වමින් සරත් වීරසේකර මහතා වැඩිදුරටත් පවසා සිටියේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා උතුරු පළාත් සභාවට පොලිස් සහ ඉඩම් බලතල හිමිවුවහොත් දකුණේ විශාල විරෝධතාවයක් ඇතිවනු ඇති බවත් ඒ හරහා රටතුළ දැඩි ගැටළුකාරී තත්ත්වයක් මතුවනු ඇති බවයි.

ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇති පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවේ මෙම ක්‍රියාකලාපයට එරෙහිව ඉතා හොද පිළිතුරක් ආණ්ඩුවට ලබාදෙන ලෙස ද වීරසේකර මහතා මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා එළිය සංවිධානයේ සාමාජික අරුන් තම්මිමුත්තු මහතා ද සහභාගි වී සිය අදහස් පළකරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට