නීති විරෝධී පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන ආයතන වැටලීම ජනවාරි සිට..
2018 වසරේ ජනවාරි මාසයේ සිට පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන ආයතන වැටලීමේ කටයුතු සිදුකරන බව මධ්‍යම පරිසර අධිකාරිය අවධාරණය කර සිටියි. කෙසේ වෙතත් පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදනය කරනු ලබන ආයතන මේ වන විට පරීක්ෂා කිරීම සිදුකරන බවත් එම අධිකාරිය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.