කටුනායක වෙඩි තැබීමක්, දෙදෙනෙක් රෝහලේ..
කටුනායක ප්‍රදේශයේදී අද (09) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. කටුනායක, හීනටියන ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර තුවාලකරුවන් දෙදෙනා ප්‍රතිකාර සදහා මීගමුව රෝහලට ඇතුළත් කර ඇත. කටුනායක පොලිසිය විසින් වැඩිදුරටත් පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.