සත්‍යයේ පුවත් අඩහැරය….

වරාය විකුණා ලද චෙක්පත ප්‍රදර්ශනය කිරීමට තරම් පාලකයින් නිර්ලජ්ජිත වෙලා – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

 alt=නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මේ වන විට ආණ්ඩුව යම් නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටියද එය තාවකාලික නිහඩතාවයක් පමණක් වන බවත් රට බෙදන, රටට හානිකර මෙම නව ව්‍යවස්ථාව සම්මත කරගැනීමෙන් ඊළමක් බවට පත්වන රට දෙකඩ වීම අනිවාර්ය බවත් පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් අවධාරණය කර සිටියි. අද (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ විසින් මෙම අදහස් පළ කරන ලද අතර මහනායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය මෙන්ම සමස්ත ජනතාවම විරෝධය පළකර තිබියදී රටේ උත්තරීතරම ලියවිල්ල ලෙස සැලකෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බෙදුම්වාදීන්ට වුවමනා ආකාරයට සංශෝධනය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ද පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් තවදුරටත් පවසා සිටින ලදී.

රටේ ජාතික සම්පත් විකුණා දමමින්, රණවිරුවන් දඩයම් කරමින්, රට පාවාදීමට එරෙහිව නැගෙන ජනතා හඩ සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකර වත්මන් ආණ්ඩුව අත්තනෝමතික ලෙස රට පාලනය කරමින් සිටින බවද හම්බන්තොට වරාය චීනයට ලබාදීම නිසා මෙරටට ලැබූනු චෙක්පත ප්‍රසිද්ධියේම ජනතාවට ප්‍රදර්ශනය කිරීමට තරම් මෙරට පාලකයින් නිර්ලජ්ජිත තත්ත්වයට පත්ව ඇති බවද සිය අදහස් දක්වමින් පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි තවදුරටත් පවසා සිටින ලදී.

ජනතාවගේ ජීවත් වීමේ අයිතිය උදුරාගනිමින් සිටින වත්මන් ආණ්ඩුව රට බේරාගත් රණවිරුන් මෙන්ම යුද ජයග්‍රහණය ද හෑල්ලුවට ලක්කරමින් සිටින බවත් එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේ සිටම යුද්ධය හෑල්ලුවට ලක්කරමින් විවිධ අදහස් පළ කරන ලද බවත් මැදගොඩ අභයතිස්ස හිමි  මෙහිදී තවදුරටත් අවධාරණය කරන ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා අදහස් දක්වමින් පවසා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය, වත්මන් ආණ්ඩුවේ අත්තනෝමතික පාලනයට රටේ ජනතාව පක්ෂද හෝ එරෙහිද යන්න පිළිබදව තීරණයකට එළඹිය හැකි ජනමත විචාරණයක් බවයි. මෙහිදී තවදුරටත් සිය අදහස් පළ කළ වීරසේකර මහතා, අතිවිශාල මුදලක් හිමිවන නිසා ඇතැම් පිරිස් තම පක්ෂය අතහැර ප්‍රධාන පක්ෂ වලට එක්වෙමින් සිටින බවත් .

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට