සත්‍යයේ පුවත් අඩහැරය….

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇතුළු 07 ක් යළි රිමාන්ඩ්..

 alt=තරුණයින් පිරිසක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක මහතා ඇතුළු අනෙකුත් නාවික හමුදා සාමාජිකයින් ලබන 22 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය විසින් නියෝග කර ඇත. 2008 වසරේදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කළ බවට හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක මහතා ඇතුළු නාවික හමුදා සාමාජිකයින් 07 දෙනෙකු වෙත චෝදනා එල්ල වූ අතර අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (12) විභාගයට ගත් අවස්ථාවේ මෙම නියෝගය ලබා දී තිබේ. ඉහත නාවික හමුදා සාමාජිකයින් අත්අඩංගුවට ගන්නා ලද්දේ අදාළ පැහැරගැනීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට