සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රසාද දීමනා ඇතුළු අවම රුපියල් 15000/- ක දීමනාවක් ශ්‍රී ලංගම සේවකයින්ට ලබා දෙන්න, සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයෙන් ජනපතිට ඉල්ලීමක්..

 alt=ලබන වසර සඳහා දරුවන්ට පාසල් උපකරණ ලබාගැනීමට වැටුපෙන් අයකරගැනීමේ පදනම මත රු.10,000 ක් සහ ප‍්‍රසාද දීමනා ලෙස රු.5000 ක මුදලක් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින් වෙත ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතාගේ අත්සනින් යුතුව මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.

පසුගිය වසරේ දී පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් 2000 ක් සහ ප‍්‍රසාද දීමනා රුපියල් 1000 ක් ශ‍්‍රී ලංගම සේවකයින්ට ලබා දුන් නමුත් විවිධ හේතු කාරණ ඉදිරිපත් කර අදාළ මුදල් සමස්ත ලංගම සේවකයින්ට ලබා නොදනෙ ලද බවත් කිසිදු වර්ගීකරණයකට ලක් නොකර, ලබන වසර සදහා සමස්ත ශ‍්‍රීලංගම සේවකයන්ට ඉහත ඉල්ලා සිටින මුදල ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බව මෙම ලිපියෙහි වැඩිදුරටත් සදහන්ය. ප්‍රවාහන අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංගම සභාපතිවරයා ඇතුළු බලධාරීන් වෙතද මෙම ලිපියෙහි පිටපත් යොමු කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට