මුදල් නෝට්ටු මාරුකිරීමේ කාලය දීර්ඝ වෙයි..
විකෘති කරන ලද මුදල් නෝට්ටු මාරුකිරිම සදහා ලබාදී තිබූ කාලය ලබන මාර්තු 31 දක්වා දීර්ඝ කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කර සිටියි. විකෘති කරන ලද හෝ වෙනස් කරන ලද මුදල් නෝට්ටු මාරුකරගැනීම සදහා 2017 වසරේ ජනවාරි 31 වනදා තෙක් පමණක් මීට පෙර ලබා දී තිබූ අතර අදාළ කාලය දීර්ඝ කරන ලෙස මහජනතාවගෙන් ලැබූ ඉල්ලීම මත ඉහත තීරණය ගත් බවත් මහ බැංකුව වැඩිදුරටත් පවසා සිටියි.