සත්‍යයේ පුවත් අඩහැරය….

පොලිතින් තහනම නිසි ලෙස ක්‍රියාත්මක නොවුනහොත් ජනතාවට අමතර බරක් දැරීමට සිදුවේවි – සමස්‌ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය

 alt=නීති හදුන්වා දුන්නද ඒවා නිසියාකාරව ක්‍රියාත්මක වන්නේදැයි පිළිබදව ජනතාව තුළ කිසිදු විශ්වාසයක්‌ නොමැති බැවින් පොලිතින් තහනම නිසි ලෙස ක්‍රියාත්මක නොවුනහොත් අමතර බරක් දැරීමට සිදුවනු ඇති බව සමස්‌ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය අවධාරණය කර සිටියි.සමස්‌ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකර සිටින ලදී.

ඊයේ (01) සිට පොලිතින් තහනම නිසි ලෙස ක්‍රියාත්මක වන බව මධ්‍යම පරිසර අධිකාරිය විසින් අවධාරණය කරන ලද අතර අදාළ නීතිය සම්බන්ධයෙන් අදහස් පළකරමින් අසේල සම්පත් මහතා වැඩිදුරටත් පවසා සිටියේ සිලි බෑග්, කුඩා සිලි කවර සහ ලන්ච් ෂීට් ආදියෙහි මිල ගණන් ඉහළ යෑමෙන් ජනතාවට අමතර වැයක්‌ දැරීමට සිදුවන බවයි.

යම් නීති රීති පැනවීමට නම් ජාතික ප්‍රතිපත්තියක්‌ තිබිය යුතු බවත් බලයට පැමිණෙන පුද්ගලයා විසින් තම කැමැත්ත අනුව නීති වෙනස්‌ කිරීම අහිතකර තත්ත්වයක් බවත් අසේල සම්පත් මහතා තවදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට