හෙරොයින් සමග කාන්තාවක් දැලේ..
හෙරොයින් ග්‍රෑම් 31 යි මිලි ග්රෑම් 640 ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට නාරාහේන්පිට පොලිසියට හැකිවී තිබේ. සැකකාර කාන්තාව අදාළ හෙරොයින් ප්‍රමාණය සමග ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව ඇත. නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි සැකකාරිය අද (03) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.