සත්‍යයේ පුවත් අඩහැරය….

බැදුම්කර වංචාව ගැන ජනපතිගේ ප්‍රකාශයේ කරුණු රැසක් ගැන සදන්වූයේ නෑ – දේශප්‍රේමී වෘත්තිකයින්ගේ සංසදය

 alt=මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පසුගිය දා ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද ප්‍රකාශය තුළ, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ එම ධූර කාලය අවසන් වන තෙක් රටේ ජනතාව දැනුවත්ව සිටි කිසිදු කරුණක් ඇතුළත්ව නොතිබූ බව දේශප්‍රේමී වෘත්තිකයින්ගේ සංසදය අවධාරණය කර සිටියි. ඊයේ (08) කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසිනි.

සිය අදහස් පළකරමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ බැදුම්කර වංචාවෙන් රටේ ආර්ථිකයට විශාල හානියක් සිදුව ඇති බව, රටේ විද්වතුන් ඇතුළු ජනතාව විසින් අවධාරණය කර සිටියද ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එවක මහ බැංකු අධිපතිවරයාව සිටි අර්ජුන් මහේන්ද්‍රන් මහතා එම ධුරයෙන් ඉවත්කිරීමට කටයුතු නොකළ බවයි. පළමු බැදුම්කර වංචාව සිදුවී දින කිහිපයකට පසුව හිටපු අමාත්‍ය රවී කරුණානායක, අමාත්‍යවරුන් වන කබීර් හෂීම්, මලික් සමරවික්‍රම යන මහත්වරුන් සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අතර යම් සකාච්ඡාවක් පැවති අතර ඒ සම්බන්ධයෙන් සිය විශේෂ ප්‍රකාශයේදී ජනාධිපතිවරයා විසින් කිසිදු සදහනක් නොකළ බව ද කබ්රාල් මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

මහ බැංකු බැදුම්කර වංචාව නිසා රටේ මුදල් පොළී අනුපාතිකය 2% කින් ඉහළ ගිය බවත් මෙරට ඉතිහාසයේ විශාලතම මූලම්‍ය වංචාව මෙය බව ද සිය අදහස් දක්වමින් අජිත් නිවාඩ් කබ්රාල් මහතා තවදුරටත් අනාවරණය කරන ලදී. සිය අදහස් පළකරමින් කබ්රාල් මහතා වැඩිදුරටත් පවසා සිටියේ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් ජනතාවගේ අවධානය වෙනතකට යොමුකිරීම සදහා ආණ්ඩුව විවිධ පදනම් විරහිත ප්‍රකාශයන් සිදුකරමින් සිටින අතර අග්‍රාමාත්‍යවරයාගේ පදනම් විරහිත ප්‍රකාශ පිළිබදව ද කිසිදු ආකාරයකින් විශ්වාසයක් තැබිය නොහැකි බවයි.

මෙම අවස්ථාවට එක්වූ වියත් මග සංවිධානයේ ක්‍රියාකාරී සාමාජික නාලක ගොඩහේවා මහතා පවසා සිටියේ වංචාවෙන්, දූෂණයෙන් තොර යහපාලනයක් රටතුළ ඇතිකරන බව පවසමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුවට, එවැනි රටක් බිහිකිරීම සදහා දැවැන්ත වගකීමක් පවතින බවයි.

බැදුම්කර වංචාව සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සදහන් වූ ප්‍රමාණයට වඩා දැවැන්ත අලාභයක් මෙරට ආර්ථිකයට සිදුවු බවත් ජනාධිපතිවරයා විසින් පවසා සිටි ආකාරයට අදාළ මුදල් අයකර ගන්නේ කෙසේද යන්න පිළිබදව දැඩි ගැටළුවක් මතුවන බව ද ගොඩහේවා මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී. බැදුම්කර වංචාව නිසා 100% ක බදුබරක් රටේ ජනතාව වෙත පැටවී ඇති අතර සිය ආර්ථික සැලසුම් මාස 03 න් 03 නට වෙනස් කරන වත්මන් ආණ්ඩුව සතුව ආර්ථික ප්‍රකාශ ගණනාවක් පවතින බවද සිය අදහස් පළකළ නාලක ගොඩහේවා මහතා මෙහිදී තවදුරටත් කරුණු අනාවරණය කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට