සත්‍යයේ පුවත් අඩහැරය….

ජනාධිපති ධූරකාලය ගැන අධිකරණය තීන්දුව ජනතා ජයග්‍රහණයක් – ජාතික සංවිධානය එකමුතුව

 alt=ජනාධිපතිවරයාගේ ධූරකාලය සම්බන්ධයෙන් අධිකරණය විසින් ලබාදෙන ලද තීරණය, වත්මන් ආණ්ඩුවේ පැවැත්වීම කෙරෙහි දැඩිලෙස බලපාන දේශපාලනය උඩුයටිකුරු කරන ලද්දක් මෙන්ම ජනතා ජයග්‍රහණයක් වන බව ජාතික සංවිධානය එකමුතුව අවධාරණය කර සිටියි. අද (16) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ජාතික සංවිධානය එකමුතුවේ සාමාජික නීතිඥ කල්‍යානන්ද තිරණාගම මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

සිය අදහස් පළකරමින් තිරණාගම මහතා වැඩිදුරටත් පවසා සිටියේ මෙරට මහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායකත්වය ඇතුළු එහි සාමාජිතයින් රැසක් වගකිවයුතුව ඇති අතර සිය කඩුව නිවරදිව වනා බැදුම්කර වංචාට සම්බන්ධ වැරදිකරුවන්ට දඩුවම් ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කළයුතුව ඇති බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා එක්වූ ජාතික සංවිධානය එකමුතුවේ සභාපති මහචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාවේ සදාචාරය මේ වන විට කෙමෙන් කෙමෙන් විනාශ යමින් පවතින බවයි. සියධූරය කාලය සම්බන්ධයෙන් අධිකරණයෙන් විමසීම සදාචාර සම්පන්න නොවන බවත් වත්මන් ජනාධිපතිවරයා මෙන්ම හිටපු ජනාධිපතිවරුන් ද සදාචාරසම්පන්න නොවන දේශපාලනයක නිරත වූ බවද අමරසේකර මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී. රටතුළ ඇතිවී තිබෙන විනාශකාරී තත්ත්වය හමුවේ රට පත්වතිබෙන තත්ත්වයෙන් ගොඩගැනීමට හැකියාවක් ඇත්තේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට පමණක් බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා ජාතික සංවිධානය එකමුතුවේ සාමාජිකයින් වන වෛද්‍ය වසන්ත බණ්ඩාර සහ අනුරාධා යහම්පත් යන මහත්ම මහත්මීන් ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට