බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව උද්ඝෝෂණයක්..
පසුගියදා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී එල්.ටී.ටී.ඊ හිතවාදීන් විසින් පවත්වන ලද උද්ඝෝෂණයක් අතරතුරදී බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා විසින් දක්වන ලද ප්‍රතිචාරයට එරෙහිව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට යළි උද්ඝෝෂණයක් පවත්වා ඇති බව වාර්තා වේ. අදාළ උද්ඝෝෂණය ඊයේ (09) පස්වරු 07.00 ට පමණ පවත්වා ඇත.