සත්‍යයේ පුවත් අඩහැරය….

උදයංග වීරතුංග නැතිව පොලිස් කණ්ඩායම යළි මෙරටට..

Podu Jana Peramunaරුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යට බලාගිය විශේෂ පොලිස් කණ්ඩායම ඒ මහතා නොමැතිව ඊයේ (15) නැවත දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ. මිග් යානා ගනුදෙනුවක් පිළිබදව චෝදනා එල්ලවී ඇති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් වරෙන්තු නිකුත් කරන ලද අතර ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී උදයංග වීරතුංග මහතා ජාත්‍යන්තර පොලීසියේ ප්‍රශ්න කිරීම්වලට ලක් වූයේ ඔහු ඇමෙරිකාව බලා පිටත්ව යාමට සූදානමින් සිටියදීය.

එහිදී ඒ මහතා අත්අඩංගුවට ලක්වූ අතර පොලිස් නිළධාරීන් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය 07 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගිය නමුත් වීරතුංග මහතා නොමැතිව එම කණ්ඩායම යළි මෙරටට පැමිණ ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට