සත්‍යයේ පුවත් අඩහැරය….

රටට හිතැති ආණ්ඩුවක් පත්කරන්නැයි ජනතා ජයග්‍රහණය සදහා මහජන මධ්‍යස්ථානයෙන් ජනාධිපතිවරයාට ඉල්ලීමක්..

Podu Jana Peramunaඅර්බුදකාරී මෙන්ම තීරණාත්මක අවස්ථාවකට එළඹ ඇති රට ඉන් මුදවා ගැනීමට මෙරට විධායක ජනාධිපතිවරයාට කිසිදු ආකාරයක වුවමනාවක් හෝ අවශ්‍යතාවයක් නොමැති ආකාරයක් පෙනී යන බව ජනතා ජයග්‍රහණය සදහා මහජන මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. ඊයේ (19) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ ජනතා ජයග්‍රහණය සදහා මහජන මධ්‍යස්ථානයේ මහ ලේකම් පූජ්‍ය පනාමුරේ චන්දානන්ද හිමියන් විසිනි.

වැඩිදුරටත් සිය අදහස් පළකරමින් උන්වහන්සේ පවසා සිටියේ ගතවූ වසර 03 ක කාලය තුළ ජනාධිපතිවරයා හෝ වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව තුළ කිසිදු ප්‍රසාදයක් තිබී නොමැති බව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල මගීන් මනාව පැහැදිලි වන බවයි.

මෙම මාධ්‍ය හමුව පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් සිටි අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂ සාමාජික මහතෙකු තමන් අමතමින්, මේ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා විවේචනය නොකරන ලෙස පවසා සිටි බවත් එසේ අග්‍රමාත්‍යවරයා විවේචනය නොකර සිටීමට නොහැකි වීම සම්බන්ධයෙන් කණගාටුව පළකරන බව ද පූජ්‍ය පනාමුරේ චන්දානන්ද හිමි මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී. රට පාලනය කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාට උපදෙස් ලබාදෙන්නේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු බවත් මහ සංඝරත්නයට එසේ උපදෙස් ලබා දීමට කිසිදු අවස්ථාවක් නොලැබෙන බවත් පසුගිය කාලය තුළ පවත්වාගෙන යන ලද සම්මුතිවාදය තුළින් තවත් රටක් ඉදිරියට යා නොහැකි බව ජනාධිපතිවරයා විසින් වටහා ගතයතුව ඇති බවත් පූජ්‍ය පනාමුරේ චන්දානන්ද හිමි මෙහිදී තවදුරටත් කරුණු සදහන් කරමින් අවධාරණය කරන ලදී.

මෙහිදී තවදුරටත් සිය අදහස් දක්වමින් චන්දානන්ද හිමි පවසා සිටියේ තමා වටා සිටින කේවට්ටයින් විසින් සිදුකරන ලද ක්‍රියාවන් හේතුවෙන් ලද ප්‍රතිඵලය පිළිබද සතුටුදැයි විමසා සිටින බවයි. රට පාලනය කිරීමට ජනතාව විසින් මහින්ද රාජපක්ෂ නම් පුරෝහිතයා මේ වන විට තෝරා ගෙන ඇති බැවින් එම පුරෝහිතයාගේ උපදෙස් පරිදි රට පාලනය කරන ලෙස මෙන්ම රට තුළ උද්ගතව ඇති තත්ත්වය අනුව රටට හිතැති ආණ්ඩුවක් පත්කරන ලෙස ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් කරන බවත් චන්දානන්ද හිමි වැඩිදුරටත් කරුණු සදහන් කරමින් අවධාරණය කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට