සත්‍යයේ පුවත් අඩහැරය….

ගෝඨාට එරෙහි පනවා තිබූ තහනම් නියෝගය නැවතත් දීර්ඝ කෙරේ…

Podu Jana Peramunaහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පනවා තිබෙන තහනම් නියෝගය දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (27) දින නියෝගයක් ලබා දී ඇත. පසුගිය රජය සමයේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීම තුලින් රුපියල් මිලියන 81 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළා යැයි ගෝඨාභය මහතාට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පොදු දේපල පනත යටතේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇත. තමාට එරෙහිව ගොනුකර තිබු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඒ මහතා විසින්  ඉදිරිපත් කළ රීට් පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන හා ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවු අවස්ථාවේදී පොදු දේපල පනත යටතේ ක්‍රියා කිරීම වලක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය නැවතත් ලබන 23 වනදා දක්වා දීර්ඝ කිරීමට කටයුතු කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට