සත්‍යයේ පුවත් අඩහැරය….

ජනතාව පීඩාවට පත්කර ඇති සහල් මාෆියාව පසුපස සිටින්නේ කවුරුන්දැයි ආණ්ඩුව රටට හෙළිකළ යුතුයි – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaසහල් ආනයනනය කරමින් පවතිද්දී මෙන්ම දේශීය සහල් අස්වැන්න වෙළද පොලට නිකුත් වෙමින් තිබියදී සහල් මිල මෙතරම් ඉහළ ගොස් ඇතිනම් ඉදිරි මාස කිහිපය තුළ සහල් මිල තවදුරටත් ඉහළ යනු ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි.එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක මේ බව සදහන්ය.

මේ වන විට මෙරට ගොවීන් විසින් මහ කන්නයේ වී අස්වැන්න නෙළමින් සිටින අතර මේ වනවිට සහල් මිල රුපියල් 100/= ක් සහ 140/= ක් අතර මිල පරාසයක වන බවත් පාරිභෝගිකයාට සහල් මිලදී ගැනීමට නොහැකි තරම් සහල් ගිනි ගණන් බවත් එම නිවේදනයෙහි වැඩිදුරටත් සදහන්ය.

පොහොර සහනාධාරය ලබාදෙන බව ආණ්ඩුව පවසා සිටිය ද එම මුදල් ද ජනතාවගේ බදු මුදල් වන බැවින් ජනතාවට සිදුව ඇත්තේ බදු වශයෙන් මුදල් ගෙවා වැඩි මිලකට සහල් මිලදී ගැනීමට බව ද මෙම නිවේදනය මගින් තවදුරටත් අවධාරණය කර ඇත.

වී කිලෝවක් රුපියල් 30 කට මිලදී ගෙන සහල් කිලෝවක් රුපියල් 100 කට හෝ රුපියල් 140 කට අලෙවි කරන විට ලාභය ලැබෙන්නේ කාටදැයි යන්න ගැටළුවක් බවත් සතුන්ට අනුභවය සදහා සුදුසු සුනු සහල් මේ වන විට සතොසේ රුපියල් 60 කට අලෙවි වන බවත් මෙම නිවෙදනයෙහි සදහන්ය. මේ අනුව සහල් මාෆියාව පසුපස සිටින්නේ කවුරුන්දැයි වහාම හෙළිදරව් කළයුතුව ඇති බව ද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට