සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල හෙට..
පසුගිය වසරේ දෙසැම්බර් මස පැවති මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට (28) නිකුත් කිරීමට නියමිතව ඇති බව විභාග දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. එම ප්‍රතිඵල “www.doenets.lk” වෙබ් අඩවියෙන් ලබා ගත හැකිවනු ඇත. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා අයදුම්කරුවන් හය ලක්‍ෂයකට අධික ප්‍රමාණයක් පෙනී සිට ඇති අතර එම පිරිසෙන් අයදුම්කරුවන් 969 දෙනකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට සිදුව ඇති බව ද විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියි.