නකලස් රක්ෂිතයේ 07 දෙනෙකු අතරමංවෙලා, පොලිසිය මුදාගැනීමේ මෙහෙයුම අරඹයි..
සංචාරයක් අතරතුරදී නකලස් රක්ෂිතයේ අතරමංව වූ පුද්ගලයින් 07 දෙනෙකු සොයා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. තමන් නකලස් රක්ෂිතයේ අතරමංව ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංක 119 වෙත යම් පිරිසක් විසින් ඊයේ (08) රාත්‍රී කාලයේ දැනුම් දී ඇති අතර ඒ අනුව රංගල, උඩුදුම්බර, රත්තොට සහ ලග්ගල යන පොලිස් ස්ථාන ඒකාබද්ධව මෙම මෙහෙයුම දියත් කර තිබේ. අදාළ පිරිස් හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව අනාවරණය වී තිබේ.