සත්‍යයේ පුවත් අඩහැරය….

නියෝජ්‍ය කථානායක ධුරය මන්ත්‍රී මුජිබර් රහුමාන්ට…

Podu Jana Peramunaඑක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා නියෝජ්‍ය කථානායක ධුරය සඳහා නම් කරන ලෙස ඉල්ලා එජාප මන්ත්‍රී කණ්‌ඩායමක්‌ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක්‌ භාරදී ඇත. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිහකට අධික පිරිසකගේ අත්සනින් යුතු එම ලිපිය ඊයේ (19) අග්‍රාමාත්‍යවරයාට භාරදී ඇති බවත් ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසකගේ සහය ද ලැබීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා සදහන් කරයි. තිලංග සුමතිපාල මහතා නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉල්ලා අස්‌වීමත් සමග මෙම යෝජනාව අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කර ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් පසුගිය දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීම සඳහා තිලංග සුමතිපාල මහතා සක්‍රීය දායකත්න්වය ලබා දුන් බැවින් එය නියෝජ්‍ය කථානායක ධුරය දරන්නෙකුට කිසිසේත් සුදුසු නොවන ක්‍රියාවක් බව එජාප මන්ත්‍රිවරුන් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට