සත්‍යයේ පුවත් අඩහැරය….

එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රධාන තනතුරු රැසකට නව මුහුණු..

Podu Jana Peramunaපක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු යටතේ එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රධාන තනතුරු රැසක් සදහා ඊයේ (25) රැස්වූ දේශපාලන මණ්‌ඩලය විසින් නව පත්කිරීම් රැසක් සිදුකරන ලදී. එක්‌සත් ජාතික පක්‍ෂයේ දේශපාලන මණ්‌ඩලය ඊයේ කොළඹ අරලිගහ මන්දිරයේදී රැස්වූ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි ප්‍රධානත්වය දරණ ලදී. ඒ අනුව පක්ෂයේ සභාපති ධුරය සදහා උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා සහ පක්‍ෂ මහ ලේකම්වරයා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාඡ් කාරියවසම් මහතා ද පත්කරන ලදී.

එක්සත් ජතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරයට පත්කර ඇත්තේ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතායි. ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පක්ෂයේ මහා භාණ්‌ඩාගාරිකවරයා වශයෙන් පත්කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂ දේශපාලන මණ්‌ඩලය ඊයේ (25) තීරණය කරන ලදී.

එක්‌සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායකයා වශයෙන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ද උපනායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාද සහකාර ලේකම්වරයා ලෙස රාජ්‍ය ආරක්‌ෂක අමාත්‍ය රුවන් විඡේවර්ධන මහතාද යෝජනා කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට