සත්‍යයේ පුවත් අඩහැරය….

යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන 38 ක් වැහිලා..

Podu Jana Peramunaපාසල් අධ්‍යාපනය හැර යන තරුණ තරුණියන් සදහා නොමිලයේ වෘත්තීය මාර්ගෝපදේශනය ලබාදීමට දිවයින පුරා ආරම්භ කර ඇති යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන 38 ක් පසුගිය මාස 06 ක පමණ කාලයක සිට වසා දමා ඇති බවට තොරතුරු වාර්ථාවේ. මෙම වසා දැමීම් සමග යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානවල සේවය කරන නිලධාරීන් හා සේවකයින් කිසිදු සේවයක් නොකර වැටුප් ලබමින් සිටින අතර ඒ සදහා රජයට මාසිකව රුපියල් මිලියන 40 ක මුදලක්ද වැය කිරීමට සිදුව ඇති බවත් ජල හා විදුලි බිලපත් සඳහා රුපියල් මිලියන 20 මුදලක්ද වැය කිරීමට සිදුව ඇත. මාස 06 ක් පුරාවට පැවැත්වෙන මෙම නායකත්ව පුහුණුව, සමාජීය නිපුණතා ප්‍රවර්ධනය, සෞන්දර්ය රසාස්වාදය, දෙමල/සිංහල භාෂා පුහුණුව, ඉංග්‍රීසි කථනය, තොරතුරු තාක්ෂණය වැනි විෂය සමගාමී හා බාහිර ක්‍රියාකාරකම් වලට අදාළව ඉගෙන්වෙන අතර එම තරුණියන් සදහා මාසිකව රුපියල් 3000 ක මුදලක්ද රජය මගින් ගෙවනු ලැබේ. යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන සියල්ල අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් එකවර වසා දැමීම තුළින් එහි සේවය කරන සේවකයින්ටද ගැටලුකාරී තත්වයක්ද මතු වන බව එම සේවකයින් සදහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට