පක්ෂ නායක රැස්වීම අද කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන්..
පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ රැස්වීම අද (17) උදෑසන 11.30 ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව ඇත. ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සහ අක්‍රිය වූ කාරක සභා යළි පිහිටුවීම සම්බන්ධයෙන් මෙම පක්ෂ නායක රැස්වීමේදී කරුණූ සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව ද වාර්තා වේ.