සත්‍යයේ පුවත් අඩහැරය….

ඉදිරි පැය කිහිපයේදීත් දිවයිනට තද වැසි…

Podu Jana Peramunaඉදිරි පැය කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක වැසි සහිත කාලගුණ තත්ත්වයන් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.උතුරු සහ දකුණු අර්ධගෝලයන්ගෙන් පැමිණෙන සුළං හමුවන අඩු පීඩන කලාපය ආශ්‍රිතව පවතින ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයිනේ බොහෝ පළාත්වල අහස වලාකුළින් බරව පවතින අතර වැසි තත්ත්වයන් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.ඒ අනුව බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ වයඹපළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව අනාවරණය කර ඇති එම දෙපාර්තමේන්තුව,විශේෂයෙන් මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර සහ වයඹපළාත්වලත් අම්පාර,මඩකලපුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මි.මී.100ක පමණ තද වැසි ඇති විය හැකි බව අවධාරණය කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට