පාර්ලිමේන්තු කටයුතු නවතා විශේෂ සාකච්ඡාවක් දෙන්න, ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලීමක්..
අද (22)දිනයේදී පැවැත්වීමට නියමිත පාර්ලීමේන්තු කටයුතු නවතා දමා දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය සහ ජීවන මිල ඉහළ යාම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දෙන්නැයි ඒකාබද්ධ විපක්ෂය, කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. එම ඉල්ලීම කථානායකවරයා වෙත ලිඛිතව ලබා දීමට කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.