ඉදිරි මැතිවරණයන්ට එක්සත් ජනතා නිදහස් සංධානයේ පළාත් සභා මන්ත්‍රී සංසදය පොහොට්ටුව ලකුණින් …
ඉදිරි පළාත් සභා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සංධානයේ පළාත් සභා මන්ත්‍රී සංසදය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පොහොට්ටුව ලකුණින් තරඟ කිරීමට තීරණය කල බව ඊයේ (28) දින බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේදී පැවති රැස්වීමකදී තීරණය කර ඇත. එම අවස්ථාවේදී ඉදිරි පළාත් සභා මැතිවරණයට පොහොට්ටුව ලකුණ තරග කල යුතුයි යන්න බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා විසින් කල යෝජනාවකට අනුව රැස්ව සිටි සියලූම පළාත් සභා මන්ත්‍රීවරුන් සිය කැමැත්ත පළ කිරීමත් සමග මෙම තීරණයට එළඹි බවත් එම රැස්වීම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න මහතා සදහන් කරයි.