සත්‍යයේ පුවත් අඩහැරය….

20 ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධන පනත සම්බන්ධයෙන් රජය සිය මතය ප්‍රකාශ කල යුතුය, හැට දෙලක්ෂයේ බියපත් ඡන්ද දායකයින්ගේ සංවිධානය….

Podu Jana Peramunaජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද 20 ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධන පනත සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව සිය ස්ථාවරය ප්‍රකාශ කල යුතු බව පසු ගිය දින මාධ්‍ය හමුවක් කැදවමින් හැට දෙලක්ෂයේ බියපත් ඡන්ද දායකයින්ගේ සංවිධානය විසින් අවධාරණය කර සිටියි.

මෙම ව්‍යාවස්ථාව තුළින් ජනාධිපතිවරයා පත් කිරීමට ජනතාව වෙත ඇති පරමාධිපත්‍ය බලය ඉවත් කර එය පාර්ලීමේන්තුවට පැවරීම හරහා මුදල් බලයෙන් හෝ අදිසි හස්තයක බලපෑම මත රටට අහිතකර වෙනත් න්‍යාය පත්‍රයක් ඇති පුද්ගලයකු ජනාධිපතිවරයා වශයෙන් පත් කර ගැනීමට හැකිවන ඇති බවත් අවශ්‍ය නම් තම මුදල් බලයෙන් තමන්ගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරනු ලබන පුද්ගලයකු මෙරට ජනාධිපතිවරයා ලෙස පත් කරගැනීමටද දමිල ඩයස්පෝරාවට පවා හැකි වනු ඇති බැවින් මෙවැනි සංශෝධනයක් ගෙන එන්නේ රට අරාජික කිරීමට දැයි ජනතා විමුක්ති පෙරමුණෙන් සහ මෙම සංශෝධනය සංම්මත කර ගැනීමට සහය දෙන රජයේ පාර්ශවයන්ගෙන් විමසා සිටින බව හැට දෙලක්ෂයේ බියපත් ඡන්ද දායකයින්ගේ සංවිධානයේ සභාපති බන්දුල ප්‍රියන්කර සුභසිංහ මහතා අවධාරණය කරයි.

එහිදි වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කරන ලද්දේ ජනාධිපතිවරයා සතු පළාත් සභා සහ හමුදා බලතල ඉවත් නොකිරීම තුළින් ජාතිවාදී, බෙදුම්වාදී හෝ දමිල ඩයස්පෝරාවට අවශ්‍ය පුද්ගලයකු ජනාධිපතිවරයා ලෙස පත්වුවහොත් සිය බලතල ප්‍රකාරව හමුදාව පාලනය කිරීම සහ පළාත් සභාවලට වෙන්වීමට අවශ්‍ය කටයුතු කිරීමට එම පුද්ගලයාට පහසු කාර්යක් වනු ඇති බවයි. මෙම මාධ්‍ය හමුව සදහා එම සංවිධානයේ ලේකම් ප්‍රියන්ත විජේතුංග යන අයද සහභාගී වී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට