සත්‍යයේ පුවත් අඩහැරය….

කොටුව දුම්රිය ස්ථානයේ පුරප්පාඩු රැසක් …

Podu Jana Peramunaකොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපතිවරු, භණ්ඩ පරීක්‍ෂකවරු, සැරයන්, මෝටර් රියදුරු, සනීපාරක්‍ෂක කම්කරු යන තනතුරු ඇතුලු සේවක පුරප්පාඩු 129 ක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි. කොටුව දුම්රිය ස්ථානයට අනුමත කරන ලද සේවක සංඛ්‍යාව 252 ක් වුවත් මේ වනවිට 123 දෙනෙකු පමණක් සේවයේ යෙදෙන නිසා විධිමත් සේවාවක් ලබා දීමට හැකියාවක් නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තු ප‍්‍රකාශකයෙකු අවධාරණය කරයි. දුම්රිය ප‍්‍රවේශපත‍්‍ර පරීක්‍ෂා කරන්නන්ගේ තනතුර සදහා අනුමත සේවක සංඛ්‍යාව 29 ක් වුවද එම තනතුරේ 29 ක්ම පුරප්පාඩු වී ඇති බවත් එම තනතුරේ රාජකාරී ආවරණය කිරීම සඳහා විශ‍්‍රාමික සංචාරක ප‍්‍රවේශපත‍්‍ර පරීක්‍ෂා කරන්නන් 12 දෙනෙකු යොදවා තිබුණද එම ගණනද ප‍්‍රමාණවත් නොවන බව හෙතෙම අවධාරණය කරයි.

දුම්රිය කාර්යාල කාර්ය සහායක අනුමත තනතුරු 66 න් තනතුරු 20 ක පුරප්පාඩු පවතින නිසා දුම්රිය ප‍්‍රමාදයන්ට බලපාන බවත් ඒ නිසා ජනතාවටද බොහෝ වේලාවක් අපතේ යන බව වැඩිදුරටත් සදහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට