ලෝක කාන්තාරකරණය වැළැක්වීමේ දිනය අදයි…
ලෝක කාන්තාරකරණය වැළැක්වීමේ දිනය අදට (17) යෙදී ඇත. එම දිනයට සමගාමීව කොස් පැළ 2,000 ක් සිටුවීමේ වැඩසටහනක් මධ්‍යම පරිසර අධිකාරිය මගින් සිදුකිරීමට නියමිත බවත් දිවයිනේ සියලුදෙනා එක්ව අද දිනයේදී එක් පැලයක් බැගින් සිටුවා පරිසරය ආරක්ෂා කර ගැනීමට හවුල්කරුවකු වන ලෙසත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත. වර්තමානයේදී ලංකාවේ යම් යම් ප්‍රෙද්ශයන් කාන්තාරකරණයට ලක් වෙමින් තිබෙන බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වා ඇත.