සත්‍යයේ පුවත් අඩහැරය….

රාජ්‍ය ඔසු සැල මොණරාගල නගරයට…

Podu Jana Peramunaශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ මොණරාගල නව අලෙවි ශාඛාව ඊයේ (16) දින විවෘත කර ඇත. ඒ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න සහ රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ සහ නීතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්ය. ඉදිරියේදී දඹුල්ල, කෑගල්ල, මාතලේ, පේරාදෙණිය යන නගර වලදී රාජ්‍ය ඔසු සැල් පිහිටුවීමට නියමිත අතර මොණරාගල මෙම අලෙවිසැල විවෘත කිරීමත් සමග මේ වන විට ඔසු සැල් ශාඛා 38 ක් දිවයින පුරා පිහිටුවා ඇත. 2018 වසරේදී එම අලෙවි ශාඛා සංඛ්‍යාව 50 ක් දක්වා ඉහල නැංවීමට කටයුතු සූදානම් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේ මහතාට සහ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම් රූමි මහතාට උපදෙස් ලබා දී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට