සත්‍යයේ පුවත් අඩහැරය….

විනාශ වී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීමට සිරිකොත පිළිකන්නෙන් එළියට පැමිණිය යුතුයි – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් පක්ෂය, වත්මන් හවුල් ආණ්ඩුවෙන් ඉවත් නොවී සිදුකරන ප්‍රතිසංවිධාන කටයුතු කිසිදු පළක් නොවන බවත් පක්ෂය පිළිබද සැබෑ ජනමතය දැනගැනීම සදහා පක්ෂ නායකයින් ගමින් ගමට ගොස් ජනතාව දැසනුවත් කළයුතුව ඇති බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අවධාරණය කර සිටියි. ඊයේ (18) එම පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා විසින් මෙම අදහස් පළකරන ලදී. මෙහිදී රෝහිත අබේගුණවර්ධන මහතා තවදුරටත් පවසා සිටියේ, වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හමුවේ වසර ගණනාවක් මෙරට පැවති යුද්ධයෙන් සිදුවූ විනාශයට වඩා වැඩි විනාශයක් පසුගිය වසර තුනහමාරක කාලය තුළ සිදුව ඇති බවයි.

හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ ආදී ජාතික සම්පත් විදේශිකයින්ට විකුණාදමමින් මෙරට ආර්ථිකය ශක්තිමත් කරලීමට පැවති අවස්ථා රැසක් විනාශ කිරීමට වත්මන් යහපාලන ආණ්ඩුව මේ වන විට කටයුතු කර ඇති බවත් අභ්‍යන්තරයේ අඩුපාඩු පවතින බැවින් වත්මන් ආණ්ඩුවට තවදුරටත් ඉදිරියට යා නොහැකි බව පෙනී යන බවත් අබේගුණවර්ධන මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ ඉන්දික අනුරුද්ධ මහතා පවසා සිටියේ මහජන මුදල් කාබාසිනියා කරමින් ඉහළ වරප්‍රසාද රැසක් ලබාදෙමින් පත්කර ඇති අධීක්ෂණ මන්ත්‍රීවරුන්, අධීක්ෂණය කර ඇත්තේ කුමක්දැයි විමසා සිටින බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට විනාශ වී ඇති බවත් පක්ෂය යළි ගොඩනැගීම සදහා සිරිකොත පිළිකන්නෙන් එළියට පැමිණියයුතුව ඇති බවත් ඉන්දික අනුරුද්ධ මහතා තවදුරටත් අවධාරණය කර සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට