හෙරොයින් පැකට් සමග අඹු සැමි යුවළක් වැලිමඩදී අත්අඩංගුවට..
හෙරොයින් සහිත පැකට් කිහිපයක් සමග අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගැනීමට වැලිමඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට හැකිවී ඇති බව වාර්තා වේ. වැලිමඩ ප්‍රදේශයේදී ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී හෙරොයින් පැකට් සමඟ මෙම යුවළ අත්අඩංගුවට ගෙන තිබේ. මහනුවර, තැන්නේකුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන සැකකරුවන් දෙදෙනා වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර වැලිමඩ පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.