සුළං වේගය වැඩිවීමේ තත්ත්වය තවදුරටත්..
මේ වන විට ඇතිවී තිබෙන මුහුදු ප්‍රදේශ ඇතුළු දිවයින හරහා හමායන සුළගේ වේගය වැඩිවීමේ තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. අද (13) දිනය තුළ මධ්‍යම සහ සබරගමුව පළාත්වල වැසි ඇති විය හැකි බවත් දිවයිනේ අනෙකුත් පළාත් වල ප්‍රදේශ කිහිපයකද වැසි ඇතිවිය හැකි බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.