සත්‍යයේ පුවත් අඩහැරය….

හෙට මධ්‍යම රාත්‍රියේ සිට උසස් පෙළ උපකාරක පන්ති බෑ – විභාග දෙපාර්තමේන්තුව

Podu Jana Peramunaහෙට (31) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර ඇති බව වාර්තා වේ. විභාග දෙපාර්තමේන්තුව විසින් මෙම තහනම පනවා ඇති අතර සැප්තැම්බර් පළමුවැනිදා තෙක් මෙම නියෝගය ක්‍රියාත්මක වනු ඇත. මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීමද ලබන අගෝස්තු 01 වනදා මධ්‍යම රාත්‍රී 12.00 සිට එම විභාගය අවසන් වන තෙක් තහනම් කර තිබේ. මෙම නියෝගයට අනුව එම කාලය තුළ උපකාරක පන්ති පැවැත්වීම, විෂයට අදාළ දේශන පැවැත්වීම, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, පෝස්ටර්, බැනර්, අත් පත්‍රිකා බෙදාදීම යනාදිය තහනම් කර තිබේ. මෙම නියෝගයන් කඩකරමින් යම් අයෙකු කටයුතු කරයි නම් ඊට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව විභාග දෙපාර්තමේන්තුව තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට