සත්‍යයේ පුවත් අඩහැරය….

බන්ධනාගාර ලොක්කන් රැසකට ස්ථානමාරු..

Podu Jana Peramunaඊයේ (31) සිට ක්‍රියාත්මක වන පරිදි බන්ධනාගාර අධිකාරිවරුන් පස්‌ දෙනකුට ස්‌ථාන මාරුවීම් ලබාදීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය කටයුතු කර ඇත. එ් අනුව වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා ලෙස කටයුතු කළ එම්. ලාෆීර් මහතා වවුනියාව බන්ධනාගාරය වෙත ස්ථානමාරු කර ඇත. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ අධිකාරිවරයා ලෙස සිටි කොඩිතුවක්‌කු මහතා මහර බන්ධනාගාරයටත් මහර බන්ධනාගාරයේ අධිකාරි උඩුවර මහතා වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරිවරයා ලෙසත් පත්කර තිබේ.

බදුල්ල බන්ධනාගාර අධිකාරිවරයා අනුරාධපුරයටත්, අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයටත් මාරුකර ඇත. බන්ධනාගාර පාලනය විධිමත් කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත්තේ පසුගිය 26 වැනිදා පැවති විශේෂ සාකච්ඡාවකින් පසුවය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට