සමෘද්ධි සේවකයින් නිසා පාර්ලිමේන්තුව පාර වැසේ…
විරෝධතා පා ගමනක් නිසා බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ සිට පාර්ලිමේන්තුව දක්වා ගමන් ගන්නා මාර්ගය අවහිර වී ඇත. සමස්ත ලංකා සමෘද්ධි ශ්‍රේෂ්ඨ නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනක් හේතුවෙන් මෙලෙස පාර්ලිමේන්තු මාර්ගය අවහිරවී ඇත. සමෘද්ධි ප්‍රතිලාභ ඉහළ දැමීම, සේවය අයිතීන් සුරුකීම සහ උසස්වීම් පටිපාටිය නිසි අයුරින් ක්‍රියාත්මක නොකිරීම ඇතුඵ කරුණු කිහිපයක් මුල්කර එම සේවකයින් විසින් මෙම විරෝධතාවය ආරම්භ කර ඇති බව වාර්තාවේ.