මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ඉහළට..
ඉන්ධන මිල සුත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි යළි ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඒ අනුව ඔක්‌ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු. 155 සිට රු. 157 දක්‌වා වැඩිකර ඇති අතර ඔක්‌ටේන් 92 පෙට්‍රල් මිලෙහි වෙනසක් සිදු නොවන බවත් සුපිරි ඩීසල් ලීටරයක් රු.129 සිට රු. 130 ක් දක්වා වැඩි කර ඇති නමුත් සාමාන්‍ය ඩීසල් මිලෙහි ද වෙනසක් සිදු නොවන බවත් මුදල් අමාත්‍යාංශය සදහන් කරයි.