සත්‍යයේ පුවත් අඩහැරය….

දේශපාලනයට එන්න කිසිදු බලාපොරොත්තුවක් නෑ – කුමාර සංගක්කාර

Podu Jana Peramunaකිසිදු දිනෙක දේශපාලනයට පැමිණීමට තමන්ට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාර මහතා අවධාරණය කර සිටියි. ජනතා සේවය යනු ඉතා වැදගත් මෙන්ම විශ්වාසයෙන් සිදුකළ යුතු වගකීමක් වන අතර 2020 ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බවට ප්‍රචලිතවූ ඇතැම් ප්‍රවෘත්ති සම්බන්ධයෙන් අවධානය යොමු කළ බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරිපත්වූ මතයන්ට ගරු කරන බවත් කුමාර සංගක්කාර මහතා තවදුරටත් පවසා සිටියි.

ඊයේ (12) සිය ෆේස්බුක් ගිණුම තුළ සටහනක් තබමින් කුමාර සංගක්කාර මහතා මෙම අදහස් පළකර ඇත. රටක දේශපාලනය සදහා ගැළපෙන පුද්ගලයින් තෝරාගැනීම ඉතා වගකීමෙන් සිදුකළ යුත්තක් බවද සිය සමාජ සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑම තම බලාපොරොත්තුව වන බවද සංගක්කාර මහතා සිය පණිවුඩය තුළින් තවදුරටත් අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට