මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීම, ප්‍රකාශයක් ගන්න CID නිලධාරීන් හිටපු ජනපති මහින්දගේ නිල නිවසට පැමිණෙයි..
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද (17) උදෑසන කොළඹ07, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසට පැමිණෙන ලදී. මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන, අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා එම නිලධාරීන් රාජපක්ෂ මහතාගේ නිල නිවසට පැමිණ ඇත.