සත්‍යයේ පුවත් අඩහැරය….

ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක්..

Podu Jana Peramunaහෙට (21) සිට ලබන 25 වනදා තෙක් කොළඹ කොටුව සහ මහනුවර අතර විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටියි. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර වෙනුවෙන් මෙම විශේෂ දුම්රිය ගමන්වාර ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනාවරණය කර සිටියි. ඒ අනුව හෙට සිට ලබන 25 වනදා තෙක් පෙරවරු 09.50 ට කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා දුම්රියක් ධාවනය කිරීමට නියමිතව ඇති අතර එම දුම්රිය පස්වරු 01.15 ට මහනුවරට ලඟාවීමට නියමිතව ඇත. මහනුවර සිට කොළඹ කොටුව සහ නාවලපිටිය දක්වාද දුම්රියන් ධාවනය කිරීමට කටයුතු යොදා තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට