සත්‍යයේ පුවත් අඩහැරය….

“ජන බලය” අද කොළඹට, රැළිය පැවැත්වෙන ස්ථානයක් ගැන අවසන් තීරණයක් නෑ..

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුවේ පාලනය හමුවේ රට දැඩි අගාධයකට පත්වන බව චෝදනා කරමින් “ජන බලය කොළඹට” යන තේමාව යටතේ ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් හෙට (05) කොළඹදී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට නියමිතව ඇත. අදාළ විරෝධතාවය අතරතුරදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවස අවට මාර්ගවල රැඳී සිට උද්ඝෝෂණය කිරීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන්නැයි පොලිසිය විසින් අධිකරණයෙන් ඉල්ලීමක්ද කර ඇති අතර එය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර ඇත.

වත්මන් ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් “ජන බලය කොළඹට” යන තේමාව යටතේ පවත්වන දැවැන්ත විරෝධතා ව්‍යාපාරය සදහා මේ වන විට සියළු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව අද කොළඹදී අතිවිශාල ජනතා සහභාගිත්වයකින් මෙම දැවැන්ත විරෝධතාවය පැවැත්වෙනු ඇත. විරෝධතා රැළිය පවත්වනු ලබන ස්ථානය, විරෝධතා පෙළපාලිය ආරම්භ වන ස්ථානය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළඹ නොමැති බව ඒකාබද්ධ විපක්ෂ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. මේ සම්බන්ධයෙන් ඊයේ (04) ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්ද පවත්වන ලද අතර එහිදීද රැළිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගත් බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට