සත්‍යයේ පුවත් අඩහැරය….

ලාඕසය සමග ගණුදෙනු වලට සහන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ලාඕසයේ අග්‍රාමාත්‍ය අතර සාකච්ඡා…

Podu Jana Peramunaවියට්නාමයේ හැනොයි නුවර ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුව ඊයේ (12) දින පැවැත්වීය. එම සමුළුව අතරතුරදී ලාඕසයේ අග්‍රාමාත්‍ය තොංල්‍යුන් සිස්‍යුලිත් (H.E. Thongloun Sisoulith) හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡා පවත්වා ඇති අතර සංස්කෘතික සබඳතා ශක්තිමත් කරලීම ඔස්සේ සකස් වෙන ශක්තිමත් පදනම මත, වර්තමාන වෙළඳ, ආයෝජන හා ව්‍යාපාරික සම්බන්ධතාවන් ද තව තවත් පුළුල් කළ යුතු බවට අවධානය යොමුවී ඇත. එහිදී ශ්‍රී ලාංකිකයනට ලාඕසයේ වීසා රෙගුලාසි ලිහිල් කරලීම සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා සිස්‍යුලිත් මහතා වෙත සිය කෘතවේදීත්වය පළ කර ඇත.

අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිනි හසින්ති දිසානායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ අවස්ථාවට සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට