සත්‍යයේ පුවත් අඩහැරය….

දේශපාලන අරමුණු වෙනුවෙන් රට තුළ නිල ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වන බව මනාව පෙනී යනවා – සිංහලේ ජාතික බලමුළුව සංවිධානය

Podu Jana Peramunaඇතැම් පිරිසකගේ දේශපාලන අරමුණු මුදුන්පමුණුවා ගැනීම සදහා රට තුළ නිල ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වන අාකාරයක් මනාව පෙනී යන බව සිංහලේ ජාතික බලමුළුව සංවිධානය අවධාරණය කර සිටියි. ඊයේ (18) මහනුවරදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ සිංහලේ ජාතික බලමුළුව සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය අරඹේපොළ රතනසාර හිමියන් විසිනි.

සිය අදහස් දක්වමින් පූජ්‍ය අරඹේපොළ රතනසාර හිමියන් පවසා සිටියේ දූෂණ විරෝධී බලකාය නැමැති සංවිධානය විසින් පසුගිය දිනෙක මාධ්‍ය හමුවක් පවත්වමින් මෙරට පොලිසිය පිළිබදව දැවැන්ත චෝදනාවක් එල්ල කළ බවත් තෙල්දෙණිය ප්‍රදේශයේ පසුගිය කාලයේ ඇතිවූ ජාතිවාදී ගැටුම සම්බන්ධනේ චෝදනා කරමින් අත්අඩංගුවට පත් සිංහල තරුණයින් හත් දෙනෙකුට මේ දක්වා ඇප ලබානොදීම සුවිශාල ගැටළුවක් බවයි.

පොලිසිය පිළිබදව දැවැන්ත චෝදනාවක් එල්ල කරමින් කරුණු රැසක් රටට හෙළිකරන ලද දූෂණ විරෝධී බලකාය නැමැති සංවිධානයේ නාමල් කුමාර නැමැත්තාට මේ වන විට මරණීය තර්ජන එල්ල වෙමින් පවතින බැවින් ඔහුට පොලිස් ආරක්ෂාව ලබාදිය යුතු බවත් අදාළ චෝදනා එල්ලව ඇති නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා මේ වන විට පොලිස් තොරතුරු කොට්ඨාශයට ස්ථානමාරුකිරීම, හිසේ අමාරුවට කොට්ට මාරුකිරීමක් වැනි ක්‍රියාවක් බවද අරඹේපොළ රතනසාර හිමියන් තවදුරටත් පවසා සිටින ලදී.

පොලිස්පති තනතුරට පත්වීමට පෙර වත්මන් පොලිස්පතිවරයා ජනතාව සමග ඉතා සුහදශීලි ලෙස කටයුතු කරන ලද පුද්ගලයෙකු වූ අතර එතුමාගේ වර්තමාන හැසිරීම සම්බන්ධයෙන් විශාල කණගාටුවක් පවතින බවත් රතනසාර හිමියන් සිය අදහස් දක්වමින් තවදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට