සත්‍යයේ පුවත් අඩහැරය….

ඥානසාර හිමි සිරගත කර ඇත්තේ දේශපාලන සිරකරුවෙකු ලෙස බව මේ වන විට මනාව පැහැදිලි වනවා – බොදු බල සේනා සංවිධානය

Podu Jana Peramunaපූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කරඇත්තේ දේශපාලන සිරකරුවෙකු ලෙස බව මේ වන විට මනාව පැහැදිලි වන අතර බටහිර ජාතීන් සහ රාජ්‍ය නොවන සංවිධානයන්හි ක්‍රියකාරීන් සතුටු කිරීමේ අරමුණින් භික්ෂුන් වහන්සේලා සහ රණවිරුවන් සිරගත කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි.ඊයේ (26) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියන් විසිනි.

ශ්‍රී ලංකා ආණ්ඩුව මේ වන විට ජාත්‍යන්තරයට විහිළු සපයන්නෙක් බවට පත්ව ඇති අතර වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පැමිණ මේ වන විට වසර 03 ක කාලයක් ලක්වුව ද මෙතෙක් කිසිදු අපරාධකරුවෙකුට හෝ වරදකරුවෙකුට නිසි දඩුවම් ලබාදීමට කටයුතු කර නොමැති බවද පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියන් වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුවට සහභාගිවූ බොදු බල සේනා සංවිධානයේ සාමජික පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසා සිටියේ වත්මන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වටා රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් සිටින්නේ නම් රට ගමන් කරන දිශානතිය සම්බන්ධයෙන් මනාලෙස අවබෝධ කරගත හැකි බවයි.

ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලව ඇති ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා මෙතෙක් අත්අඩංගුවට නොගැනීම ගැටළුකාරී තත්ත්වයක් බවත් රටේ සාමාන්‍ය පුරවැසියෙකු, ඉතා සුළු වරදක් කළේනම් නීතිය දැඩිව ක්‍රියාත්මක වන තත්ත්වයකදී නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා නිදැල්ලේ සිටින්නේ කෙසේදැයි විමසා සිටින බවත් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා බොදු බල සේනා සංවිධානයේ සාමජික පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට