සත්‍යයේ පුවත් අඩහැරය….

රට, ජාතිය වෙනුවෙන් පෙනීසිට අසාධාරණව සිරගතව සිටින ඥාණසාර හිමි නිදහස් කරගැනීමට සියළුදෙනා එක්විය යුතුයි – පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

Podu Jana Peramunaරටත් ජාතියත් වෙනුවෙන් පෙනී සිටීම නිසා අසාධාරණය ලෙස සිරගත කරන ලද බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නිදහස් කරගැනීම වෙනුවෙන් සියළුදෙනාම එක්ව කටයුතු කළයුතු බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි අවධාරණය කර සිටියි. අද (02) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් මෙම අදහස් පළකරන ලද අතර උන්වහන්සේ වැඩදුරටත් පවසා සිටියේ ඥාණසාර හිමියන් සිරගත කිරීමට අවශ්‍ය වටපිටාව නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිසිය විසින් සකස් කරන ලද බවයි.

සිය පුද්ගලික න්‍යායන් අනුව කටයුතු කරන, ආගමට දහමට අනුව රට පාලනය නොකරන මෙරට දේශපාලඥයින් විසින් සිදුකරන ලද ඥාණසාර හිමියන් සිරගත කිරීම දැඩිව හෙළාදකින බවද පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුවට සහභාගිවූ බොදු බල සේනා සංවිධානයේ සාමාජික පූජ්‍ය තල්ගමුවේ සුධීරානන්ද හිමියන් පවසා සිටියේ මෙරට බහුතරයක් දේශපාලඥයින්ට සහ මුස්ලිම් අන්තවාදීන් හට ඥාණසාර හිමි සිරගත කිරීම දැඩි වුවමනාවක් පැවති අතර එම වුවමනාවන්ට අනුව ක්‍රියාත්මක වන ලද අදිසි හස්තයක් විසින් ඥාණසාර හිමි සිරගත කරන ලද බවයි.

මෙම අවස්ථාව සදහා සහභාගි වූ බොදු බල සේනා සංවිධානයේ සාමාජික පූජ්‍ය දියසෙන්පුර විමල හිමි පවසා සිටියේ රටත් ජාතියත් වෙනුවෙන් පෙනීසිටීම නිසා පුජ්‍ය ඥාණසාර හිමි සිරගතවීමටත්, අධිකරණයට අභියෝග කරන මැති අැමතිවරුන් නිදැල්ලේ සිටීමටත් මෙරට නීතිය කෙසේ ක්‍රියාත්මක වන්නේදැයි විමසිය යුතුව ඇති බවයි. ඥාණසාර හිමියන්ට නිදහස් ඉල්ලා ජනාධිපතිවරයාට ලිපියක් යොමුකිරීමට මෙන්ම හෙට (02) දිනයේදී මල්වතු, අස්ගිර මහනාහිමිවරුන් හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද කටයුතු කරන බවද යසෙන්පුර විමල හිමි තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා බොදු බල සේනා සංවිධානයේ සාමාජික පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත සහ රත්මලාන ධර්මපර්යේෂණාධිපති පූජ්‍ය හෑගොඩ විපස්සී යන හිමිවරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට